ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි! තේමා කරගනිමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධාන කරන ලද ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශ්‍රවණාගාරයේ දී ජුනි මස 20 වෙනි දින, ජාතික ජන බලවේගයේ විධායක සභික, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දික තෙන්නකෝන් මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා යන අයගේ මූලිකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.